
ඇල්බට්වරුද මනුෂ්යයෝය
Albertwaruda Manushyayoya
ස්වර්ණ පුස්තක · Award Winners512 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැ වූ ඒ ආදි මාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳවනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලිෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස කෑමට ප්රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්රියාදාම චිත්රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැදවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුවට්ටා අධිෂ්ඨා කරගත්තාය.
Details
- Author
- Tharindu Sri Lokugamage
- Publisher
- Grantha (Pvt) Ltd
- ISBN
- 9786245572762
- Pages
- 512
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2025
- Genre
- Novels