පුද්ගලිකයි රහසිගතයි – Pudgalikai Rahasigathai

පුද්ගලිකයි රහසිගතයි

Pudgalikai Rahasigathai

P.B. Jayasekara

ස්වර්ණ පුස්තක · Award Winners288 pp

$14.70

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් ගිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකොටත් තැළුම් දුන්නීය.

තාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා. ‘ මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව.’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලවාය.

තම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ‘ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව. යැයි කියන්නට වන.

හැබෑට ම එක් රැයක.

ඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.

අමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.

ළමා වියේ තැතිය හේතුකොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නොහී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.

යසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්‍රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.

අමන්දා තම නැගනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නොකී රහස තුළ වේ.

Details

Author
P.B. Jayasekara
Publisher
Keheli Publishers
ISBN
9786245865819
Pages
288
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2026

All 12 books: was $169.70 now $152.73 10% off the set · save $16.97 · free shipping