
මුන්නක්කරේ සංසාරේ
Munnakkare Sansare
ස්වර්ණ පුස්තක · Award Winners656 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.
දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.
වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.
ඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.
Details
- Author
- Manjula Wediwardhana
- Publisher
- Vidarshana Publishers
- ISBN
- 9786245546374
- Pages
- 656
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2023
- Genre
- Fiction