
බටලන්දට ගිනි තැබුවෙමු
Batalandata Gini Thabuwemu
240 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්රාසජනක චිත්රපටයක හැඩය ගත්ත ද මේ ග්රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.
නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත', 'සීණුව, ගිනි සිළුව', 'රාවය' මව්බිම, 'රතු තරුව' සහ 'සතිඅග අරුණ' පුවත්පත් වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේ ය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 –2001) විය. ඔහු පුරෝගාමි ගවේෂණාත්මක ජනමාධ්යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරාඅරච්චිගේ ස්ත්රී දුෂණ’ නඩුව, පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය' කුලය හා දේශපාලන ප්රචණ්ඩත්වය හා ඝාතන ගම්මාන (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන්විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්රපට නිර්මාණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්රිතාන්යයේ දී යුද වාර්තාකරණයට හා ගවේෂණාත්මක ජනමාධ්යකරණයට පුහුණුව ලැබුවේය.
Details
- Author
- Nandana Weerarathna
- Publisher
- Bahu Publishers
- ISBN
- 9789559549321
- Pages
- 240
- Language
- Sinhala
- Category
- Political & Current Affairs