
ජපන් පෙම්වතා
The Japanese Lover
Japan Pemwatha - The Japanese Lover
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
Isabel Allende විසින් රචිත The Japanese Lover ග්රන්ථයේ සිංහල පරිවර්තනය.
1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප්රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ජපන් ජාතික උද්යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය. දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිනා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වාගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.
Details
- Author
- Isabel Allende
- Translator
- Manuel Jayasekara
- Original title
- The Japanese Lover
- Publisher
- Subhavi Publishers
- ISBN
- 9789557189109
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genres
- NovelsTranslations