ස්වර්ණ මායා

ස්වර්ණ මායා

Swarna Maya

Kanchana Alahapperuma

456 pp

$16.60

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

“දිනා... ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව...''

ආශිෂ් වික්‍රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු තබාගෙනය.

''අමුත්තක්... ඒ කිව්වෙ..?”

එක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇහි පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය.

“මං ඕන තරම් කෙල්ලො ආශ්‍රය කරල ඇති... ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු එකම කෙනා එයා...’

''උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද.."

දිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය.

''මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය, හරියට මං කාලාන්තරයක් තිස්සෙ හොය හොයා හිටපු කෙනා හම්බුණා වගේ...”

“අශියා... උඹ හොඳින් නේද..?”

"දිනා... එයා තමයි කෙනා...”

Details

Author
Kanchana Alahapperuma
Publisher
Nohandunanni Publications
ISBN
9786245558322
Pages
456
Language
Sinhala