
ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල
Jana Aragalayaka Diya Salakuna - Rathupaswala
142 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ගම්පහ දිස්ත්රික්කයේ වැලිවේරිවේ රතුපස්වල පවත්වාගෙන ගිය වෙනිග්රොස් කම්හලෙන් ඒ ප්රදේශයේ සිදු වූ පරිසර හානියට එරෙහිව එම ප්රදේශයේ ජනතාව ගෙනගිය ධෛර්්යවත් දිග්ගැස්සුණු අරගලය ලංකාවේ වර්තමාන ජනඅරගල ඉතිහාසයට එකතු කෙරෙන වැදගත් හා වර්ණවත් අත්දැකීමක් ලෙස සැලකිය හැකියි.
මෙම කම්හල් හිමියා බලයට පත්වන කවර රජයක වුවද බලවත් අනුග්රහය ලබාගැනීමට සමත් වූ ඒ වන විට ලංකාවට සිටි ලොකුම ධනවතා වීයැයි කිව හැකිය. පුංචි කැසිනෝ ව්යාපාරයක් හරහා ව්යාපාරික ලෝකයට එකතු වූ මෙම පුද්ගලයා ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ලොකුම ව්යාපාරිකයා බවට පත්වීමට සමත් වූවා පමණක් නොව විටෙක ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද තවත් විටෙක අමාත්යංශ ලේකම් ධූරයක්ද හිමිකර ගනිමින් තමන්ට තිබෙන රාජ්ය අනුග්රහය ප්රදර්ශනය කළ කෙනෙකු ලෙසද සැලකිය හැකිය.
කම්හලට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ වන්නේ 1996 සිටය. කම්හලට එරෙහිව ප්රදේශයේ ජනතාවගේ වහා නැගිටීම් ඇතිවන්නේ උතුරේ යුද්ධය නිමා වීමත් සමඟය. එහි ඇතිවන ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා යොදා ගැනෙන්නේ උතුරේ කෙරෙන යුද්ධයෙන් ජනතාව විසින් රණවිරුවන් ලෙස අභිෂේක කරන යුද්ධ හමුදාවය. එම ජනතා උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය හා යුධ හමුදාව මුදාහළ බිහිසුණු පහරදීමකින් තරුණයන් තිදෙනෙකු මරණයට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. එහෙත් හමුදා මර්ධනයෙන් එම ජන සටන නිහඬ කිරිමට හැකිවූයේ නැත. ඔවුහු මර්දනයට එඩිතර ලෙස මුහුණ දෙමින් සිය අරගලය ඉදිරියටම ගෙන ගියහ. ආණුඩුවේ ගජමිතුරකු වූ කම්හල් හිමියාට කම්හල ඉවත් කර ගැනීමට සිදු වූ අතර ජලය අපවිත්ර කර තිබූ තත්ත්වය තුළ ජනතාවට අවශ්ය ජල පමහසුකම්ද සහන මිලකට ලබා ගැනීමට සමත් විය.
මෙම ජන අරගලයේදී ඊට නායකත්වය දුන් සමහර නායකයන් අතරමඟදී ඇඳ වුටුණු අතර ඔවුන්ගෙන් සමහරෙක් නැවත නැගී සිටීමටද සමත් විය. සාමාන්යයෙන් සිදු වන්නේ අතරමඟ වැටෙන අය නැවත නැගී නොසටීමය. එහෙත් මේ අපූරු අක්දැකීම් තුළ දක්නට ලැබෙන චිත්රය ඊට වෙනස් ය.
රතුපස්වල ජන අරගලයේ කතාව කදිම පොතක් බවට පත්කරන ලේඛකයා වූ තරිඳු ඉරංග ජයවර්ධන ද එම අරගලයට ක්රියාකාරි ලෙස දායක වූ තරුණ ජනමාධ්යවේදියෙකි. එම අරගලයට ඔහු පමනක් නොව ඔහුගේ වයසේ තවත් තරුණ ජනමාධ්යවේදින් හා වේදිනියන් ගණනාවක්ද ආධාර කළේය. ඉන් පොනෙන්නේ පරණ පරම්පරාවට වෙනස් අලුත් ආකාරයකට හිතන පතන තරුණ ජනමාධ්වේදින් පිරිසක්ද ඇතිවෙමින් තිබෙන බවය. එම බලාපොරොත්තු ඇති කරන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
මෙම පොත ලියා ඇති තරුණ ලේඛකයා තමන්ගේ කාර්යය හොඳින් හා මැනවින් ඉටුකර තිබෙන බව කිව හැකිය. පොත රසවත්ය. අවශ්ය තොරතුරුවලින්ද පිරී ඇත.
Details
- Author
- Tharindu Jayawardhana
- Publisher
- Deiyandara Gamage Publishers
- ISBN
- 9789550476084
- Pages
- 142
- Language
- Sinhala
- Category
- Political & Current Affairs
- Genre
- General Non-Fiction