
රාජපක්ෂ සමාගම
Rajapaksha Samagama
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
රාජ්ය බලය විවිධාකාරයෙන් අභාවිතින කිරීමෙන් දේශපාලකයන් මෙන්ම ගජ මිතුරන් සාපරාධී අන්දමට ධනය හම්බ කිරීම හා දේපළ උරුම කර ගැනීම ලාංකේය සමාජයේ කැපී පෙනුණේය. මේ සම්බන්ධ යථාර්ථය රට වැසියන්ට නිවැරදිව දැන ගැනීමට හැකි වූයේ ගවේෂණාත්මක මාධ්ය කලාව ප්රගුණ කළ නිර්භීත මාධ්යවේදීන් නිසා බව කිව යුතු නොවේ. ලසන්ත රුහුණගේ 'රාවය' පුවත්පත ඔස්සේ පළ කළ ලිපි හා පළ කරන ලිපි, ඒ අතර කැපී පෙනෙන බව නොවලහා කිව යුතුය. නිසි අන්දමින් අදාළ මූලාශ්ර සොයා ගනිමින්, නිරවුල්ව හා පැහැදිලිව ඒවා විමර්ශනය කරමින්, තර්කානුකූලව දූෂණයේ මුහුණුවර හා තරම ඔහු අනාවරණය කරන්නේ හුදු භාවාත්මක අවලාද ස්වරූපයෙන් නොවේ. ඔහු මාධ්යවේදියකු වශයෙන් නිසි වගකීමෙන් හා වගවීමෙන් යුතුව විද්යාත්මක පදනමක පිහිටා ලියූ ලිපි පාඨකයාට ලබා දෙන්නා වූ අවබෝධය ප්රශස්තය.ලසන්තගේ මාධ්ය භාවිතයේ වෙසෙස් ගුණය නම් ඔහු පසු ගිය රාජ්ය පාලනය ගැන මෙන්ම වත්මන් රාජ්ය පාලනයේ ස්වභාවය ගැන ද අවදියෙන්, දූෂණ වංචා පිළිබඳ මැදහත් සිතින් තතු අනාවරණය කිරීමයි. සැබැවින්ම ගවේෂණාත්මක මාධ්යවේදියකු අගතියෙන් වියුක්තව විනිසුරුවකු සේ අදාළ මූලාශ්ර විශ්ලේෂණය කොට පාඨකයාගේ නුවණැස අවදි කළ යුතුය. ලසන්ත විසින් ලියන ලද සෑම ලිපියකම ඒ විනය කැපී පෙනේ.ලසන්තගේ මේ ලිපි සංග්රහය ඉවසීමෙන් එක දිගට කියවීමට ලැබීමෙන් පාඨකයෙකුට අප ජීවත්වන රටේ බලය අවභාවිත වී තිබෙන අන්දම පිළිබඳව තාර්කික අන්දමින් යථාවබෝධයක් ලැබිය හැකිය.මහාචාර්ය සරත් විජේසූරිය(මෙය 2016 සැප්තැම්බර් නිකුත් කළ 'රාජපක්ෂ සමාගම' පොතට ඇතුළත් වූ පසුපිට සටහනය)
Details
- Author
- Lasantha Ruhunage
- Publisher
- Radio Satahan
- ISBN
- 9786249251625
- Language
- Sinhala
- Category
- Political & Current Affairs