
ජැෆ්නාදරය
Jafnadaraya
345 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
බණ්ඩාරවෙල හපුතලේ පාළු මහ පාර දිගේ මම නොනවත්වා දිවුවෙමි. ඒ පාළු පාර පුරා මේ වන විට ඝන මීදුම වැටෙන්න පටන් ගෙන ඇත. අවට දැඩි සීතල නොනවත්වා පාර දිගේ දුවන මට බිඳක් වත් නොදැනුණි.
මුළු පරිසරය ම අන්ධකාරයෙන් වැසී ඇත. බෙලිහුල්ඔයේ දිය කඳ ගලා බසිනා විලාප හඬ නොනවත්වා ඇසේ. වටපිට බලමින් පාර දිගේ ඉරිදියට දුවගෙන යන මම මොහොතක් නැවතී. දෙකට නැමී පය නැලඳ සිටි උස දිලිසෙන සෙරෙප්පු ජෝඩුව ගලවා අතට ගෙන, නැවත පාර දිගේ දුවන්න පටන් ගන්නෙමි. පිටුපස බලමින් දුවන මගේ හිතේ ගතේ ඇත්තේ දැඩි තෙහෙට්ටුවකි. නමුත් නැවතී ගිමන් අරින්න තරම් කාලයක් මට නැත. බලෙන් හිතට ගත් ශක්තියත් ධෛර්යයන් ගෙන නොනවත්වා දිවුවෙමි.
අවට මුළු පරිකරය ම වසා ඇත්තේ මහ ඝන වනාන්තරයෙනි. මුළු පළාත ම මිදුමෙන් වැසී ඇත. රැහැයියන් වැනි කෘමින්ගේ සද්දෙන්, පරිකරයේ ඇති මූසල බව තවත් ඔප්නංවයි. බෙලිහුල්ඔය, කඳුකරයේ සිට උමතු ගැහැනියකගේ බඳු දුක්ඛිත විලාප හඬක් නඟමින් පහළට ගලා බසී. මුළු පරිසරය ම අන්ධකාරයෙන් වැසී පවතී. අවට ඇත්තේ දැඩි සීතලකි. නමුත් මට ඒ සීතල ඇඟට නොදැනේ. මම නැවතත් නොනවත්වා පාර දිගට ම දුවන්නට විය.
Details
- Author
- Prisila Godahewa
- Publisher
- Sooriya Publishers
- ISBN
- 9786246446369
- Pages
- 345
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels