
ඉඳිකටු තුඩු
Indikatu Thudu
447 pp
$16.90
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද… මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක… පන්තිකාමරයේ දොර ඇරුනි.
එය තිබුනේ මට පිටුපාය… මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි.
අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප්රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.
Details
- Author
- Thisarani D Nirmani
- Publisher
- Nohandunanni Publications
- ISBN
- 9786245558896
- Pages
- 447
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books