
හොඳ බිරිඳ
Honda Birinda
172 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මම දවසක් මගේ සාරි කට්ට නැති වී හොයන විට මට සිහියක් නැතැයි කියමින් අපේ එක්කෙනා බැණ වැදුනේය. අම්මපා පිරිමි මහ පුදුම ජාතියක්ය. ඌ අනික් ගැනුන්ට කතා කරන්නේ ” ඔව් නංගි නැ නංගි…. ඇත්තටම නංගි…. මෙහෙමයි නංගි… අනේ නැ නංගි… අයියො නංගි…. මම බලන්නම් අක්කේ… ඉන්නවද අක්කේ… කියන්න අක්කේ… මම දාන්නම් අක්කේ… තියෙනවා අක්කේ….එවනව අක්කේ” ගගා ඉතා කරුණාවෙනි. අල්ලපු ගෙදර සුමේදාගේ ෆෙස්බුක් එක මොකක්ද එකක් වී හදා ගන්න ආ වෙලේ එයැයිට මේල් එඩ්රස් මතක නැතැයි කිව්වම අපේ එක්කෙනා එක එක ඒවා ගහමින් “මේකද අක්කේ… මතක් කරන්න අක්කේ… “යැයි කීවේය. මගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක අමතක වූ වේලේ “ඕන එකක් කරගන්නවා…. පාස්වර්ඩ් මතක නැත්තං ෆෝන් පාවිච්චි කරන්නෙපා ” යැයි සැර දැම්මේය.
අපේ එක්කෙනා කියන විදිහට පිරිමි අයට දේවල් හොයාගන්න බැරිවෙන්නේ ගැනු එලෝ මෙලෝ නැතුව අස් කරන නිසාය. ගෑනු අපිට දේවල් හොයාගන්න බැරි වෙන්නේ අපට සිහිය නැති නිසාය.
Details
- Author
- Thanuja Lumbini Thambawita
- Publisher
- Sayura Publications
- ISBN
- 9786246223328
- Pages
- 172
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books