
දේශ බන්දු
Desha Bandu
480 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
"අපරාධ යුක්ති කළමනාකරණ දෘෂ්ඨියෙන් සලකා බැලීමේදී ශ්රී ලංකාවේ සාමය ආරක්ෂා කිරීමේත්, අපරාධ, වරදවල් වැලැක්වීමේත් ඉහළම වගකීම දරන්නේ පොලිස්පතිවරයා සහ ඔහුගේ යටතේ පරිපාලනය වන පොලිස් දෙපාර්තමේන්තුවයි. එවැනි වගකීමක් දරමින් සිටියදී මේ නඩුවේ විමර්ශනය විසින් සනාථ කර ඇත්තේ, ශ්රී ලංකා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙසට 2023.12.31 දින වන විට ධුරය හොබවන ලද දේශබන්දු තෙන්නකෝන් නැමැති නියෝජ්ය පොලිස්පතිවරයා විසින්ම තමාගේ පරිපාලනයට යටත් නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත පිරිසක්, රජය සතු ගිනි අවි, උණ්ඩ සමග, රජය සතු වාහනයකින් සිය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනීතිකව සහ අත්තනෝමතික ලෙසටත්, නීතියෙන් අපේක්ෂිත සියලු වගකීම්, වගවීම් උල්ලංඝනය කරමින් ද, අපරාධ, වැරදි සිදුකිරීම සඳහා යොදවා ඇති බවයි. මහජන මුදලින් වැටුප් ලබන රජයේ පොලිස් නිලධාරීන්ව සිටිමින්, රජයේ මුදල් යොදවා මිලදී ගත් රාජ්ය දේපොලක් භාවිත කරමින් රාජ්යයේම පුරවැසියන්ට එරෙහිව පැරා මිලිටරි කණ්ඩායමක් ලෙසට සංවිධානය වී කටයුතු කරමින් අපරාධ සිදු කිරීම අතිශය බරපතල තත්ත්වයක් බවත් නිගමනය කරමි.”
බී.ඒ.අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස
මාතර මහේස්ත්රාත්
(බීආර්/6314/2023 නඩුවට අදාල 2025.02.27 දිනැති නියෝගයේ 68 සහ 69 පිටු දෙකෙන් උපුටා ගත් කොටසකි.)
Details
- Author
- Tharindu Jayawardhana
- Publisher
- Unknown
- ISBN
- 9786249251618
- Pages
- 480
- Language
- Sinhala
- Category
- Political & Current Affairs