දමරඣ

දමරඣ

Damarajha

Isuru Umayanga Hidellarachchi

546 pp

$16.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප්‍රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල්‍යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි.

කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි.

වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කලඹ ඉතා සතුටින් බාරගනු ඇත. ආරක්ෂක අංශයක අයෙකුට මෙවැන්නක් වූයේ නම් ,සැක සිතා බෝම්බ නිශ්ක්‍රිය අංශයට හෝ අමතනු ඇත. නමුත් චානා ඒ් දෙකොසටම අයත් නොවූ නිසා ප්‍රශ්නය තමා විසින්ම විසඳාගත යුතුව ඇත.

Details

Author
Isuru Umayanga Hidellarachchi
Publisher
Grantha (Pvt) Ltd
ISBN
9786245394029
Pages
546
Language
Sinhala