
අවසන් සටනේ මියගිය අවසන් සෙබළා
Awasan Satane Miyagiya Awasan Sebala
220 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
පුෂ්පකුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරි හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසුදින ඇරඹීමට නියමිත ක්රියාන්විතයේ මුලින්ම පස්බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය. “මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇතිකළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරින් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාරිගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණදෙන නිලධාරි දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙත දිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
මෙවන් මොහොතක ඔහුගේ එම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරි තුළ ඇති කළේ ව්යාකූලත්වයකි. ඉදිරි ක්රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙණ නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක එම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
Details
- Author
- Sujith Chaminda Edirisinghe
- Publisher
- Self-published
- ISBN
- 9789559719175
- Pages
- 220
- Language
- Sinhala
- Category
- Non-Fiction