
ඇමසෝනියා
(James Rollins)
Amazonia (James Rollins)
601 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරම්න් පැය කීපයක් තුළදී මරණයට පත්වේ. නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින් අවසානයේදී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයාගැනීමට ඔවුහු සමත් වෙයි.ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද? මිනිසාට කිසිිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේවිද?
Details
- Author
- James Rollins
- Translator
- Manjula Dissanayake
- Original title
- Amazonia
- Publisher
- Muses Publishing House
- ISBN
- 9789553727176
- Pages
- 601
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Translations