ලසන්ත

ලසන්ත

Lasantha

Kasun Pussewela

$18.00

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

දේශපාලන බලය ස්වකීය පැවැත්ම උදෙසා නිරපේක්ෂ ලෙස භාවිත කරන බල ලෝභීන් බලයේ මර්මස්ථාන තම අණසක යටතේ පවත්වා ගන්නා සමාජයක ජීවිතය වදයකි. එහෙත් ඒ වදය හමුවේ සහ ඊට එරෙහිව අරගල කිරීම යනු දහසක් දහඅත අවදානම් වෙත දෑත් දිගු කිරීමකි. එවන් සමාජයක බොහෝ අය තෝරා ගන්නේ නිර්වින්දනය වූවකුගේ භූමිකාවයි. ඒ භූමිකාව තෝරා ගන්නා අයට ජීවිතය හිමිවෙයි. හෘද සාක්ෂිය අහිමි වෙයි. පරම්පරා දෙකකට අයත් වුවද ලසන්ත වික්‍රමතුංග මෙන්ම කසුන් පුස්සැවෙලද අයත් වනුයේ බලය රැකගැනීම උදෙසා කවර නිහීනකමින් වුව හැසිරෙන නොහික්මුණු දේශපාලන සංස්කෘතියකට යටත් වීම වෙනුවට වචනවල බලය මඟින් ඊට එරෙහිවීම තෝරාගත් මාධ්‍යවේදීන් අතලොස්ස අතරටය.ලසන්ත ඝාතනය යනු ලාංකීය ඉතිහාසයේ මෑතකාලීන බිහිසුණු අපරාධයන් අතර ඉදිරියෙන්ම සඳහන් වන්නකි. වචන වෙනුවට අවිය තෝරාගත් අපරාධ රාජ්‍යයක මහ මඟදී ප්‍රසිද්ධියේ ඝාතනය කරන ලද ලසන්ත යනු අප පසුගිය සමයේ ගෙවා දැමූ පිළිකුල් සහගත 'ප්‍රජාතන්ත්‍රවාදයේ' ලෙයින් තැබූ තීරණාත්මක සාක්ෂියකි. ලසන්ත නොමැති වර්තමානයක ඔහු සමඟ එකට මාධ්‍ය ක්ෂේත්‍රයේ අරගලයක නිරත වූ තසුන් පරිවර්තන භූමිකාවට අවතීර්ණ වෙමින් ලසන්තගේ චරිතාපදානය සිංහල බසට නැගීම ඔහුගේ ලේඛන ජීවිතයේ හැරුවුම් ලක්ෂ්‍යයකි. මේ පරිවර්තනයද සමගින් ඔහු එතෙක් තමන් පවත්වාගෙන ආ මාධ්‍ය භූමිකාව තවත් තලයකට කරා ව්‍යාප්ත කරයි. කසුන් මේ අභියෝගාත්මක කාර්යය සාර්ථක අයුරින් නිම කරමින් මෙතෙක් ඉංග්‍රීසි බස දත් පාඨක සමාජයට සීමාවී පැවැති මේ චරිතාපදානය සිංහලෙන් කියවන නූතන ප්‍රජාව වෙත ගෙන ඒම බෙහෙවින් අගය කළ යුතුය.ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක

Details

Author
Kasun Pussewela
Publisher
Sayura Publications
ISBN
9786246223441
Language
Sinhala