ආමරිය සීල්

ආමරිය සීල්

Amariya Seal

Sujith Chaminda Edirisinghe

238 pp

$15.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබුවන් පවා ඒ වන විට සිටියේ බොහෝ සෙයින් අඩපනවය. අඛණ්ඩ ලේ වහනය ද, වේදනාව ද ඔවුන්ව පෙළමින් තිබුණේ එකසමවය . තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ශා සහගත දෑස් දිලිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරට යොමුවී තිබුණේ අහස දෙසය. ක්‍රමයෙන් හෙලිකොප්ටරයක හැඩ ඇතින් ඇසෙන්නට විය. එකවන්නේ දර්ශනය නොවුව ද, එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙළිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජීවත්වීම උදෙසා වන සිය බලවත් උවමනාවේ තරම පෙන්වන්නට වූහ. හෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන් තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය. වෛද්‍ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වූයේ තටත් කළ හැකි යමක් ඉතුරුට තිබේදැයි නිරතුරු විමසිළිමති වෙමින් සිය පිවිතය ජීවත් කරවීම උදෙසා හෙළිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.

Details

Author
Sujith Chaminda Edirisinghe
Publisher
Self-published
ISBN
9789559719168
Pages
238
Language
Sinhala