
වයිපරේගේ ඩයරිය
Waiparege Dayariya
$14.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
අද තමයි දරුණුම සිද්ධියක් වුණේ.
හිලරි මැඩම් එක්ක මගේ මේ සීතල
යුද්ධය අස්සේ මෙන්න
අපේ මනුස්සයා මට හොරෙන්
වෙන කොහේහරි දියවෙන්න හදනවාදෝ
කියලා සැකයක් ආවා අද. ඇත්තටම
මොකීද මේ නෙත්මි කියන්නේ.?
බුදු අම්මෝ ඒකිගේ වොයිස් එක.
හරියට නිකන් වීදුරු වළලු හතරක් එකට
හැප්පෙනවා වගේ කිංකිණි වොයිස් එකක්නේ.
ඒ අස්සේ ඒකිගේ හුරතලේ ඇහිලා මගේ ඇඟේ ලේ
ධාතුව රත් වෙලා ඇස්සුණා. ඒකි එෆ්.එම්.
එකක වැඩ කරන එකික්ද මේ හැටි හුරතල් වෙන්න
හදන්නේ..? බලමුකෝ අපි. ඉස්සරහට ටිකක්
මීටරෙන් ඉන්න ඕනේ. මේකාව නම් ෂුවර් මට.
ඒත් ඔය වටේ කැරකෙන
නැට්ටිච්චියෝ තමයි ශුවර් කරන්න බැරි. මගේ
රේඩාර් එකට අහුවුණා කියන්නේ ඉතින් සුදු කොඩි
දාලා තමයි නතර වෙන්නේ.
Details
- Author
- Nishi Botheju
- Publisher
- Nishee Publications
- ISBN
- 9786245808342
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books