
පතොක් මලක්
Pathok Malak
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“කොහොමද බෑජ් රෙප් කප්යා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?”අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය.“කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ. මුල ඉඳන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.”“මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ. ඔයා මුල ඉඳන්ම කියනව නම් අහන් ඉන්න එක නම් මට ප්රශ්නයක් නෙවෙයි.”“එහෙනම් එහෙමවත් පටන් ගමුකෝ නංගි. මේක නංගිට මතකද දන්නෙ නැහැ, මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉඳන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා. එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ ඔයා වැලන්ටයි වුණ නිසා කියලනේ. ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා.”“මොකක්ද කප්යා අයියේ ඒ?”“ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලෙකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබිච්ච අහිංසක ලස්සනක් ඔයාගේ තිබුණා. අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියෙනවා.”අස්ලි සිනාසුනාය. ඒ සිනහව සරදමත් සතුටත් එකට මුහුවූ සිනහවක් විය.“සමහර වෙලාවට කෙල්ලෙක්ට ලස්සන ලැබෙන්නේ කරපු පවකට වෙන්නත් පුළුවන් අයියේ. ඔය ලස්සන නිසාම විනාස වුණා වගේම විනාස වෙන ජීවිත කතා නැතුවම නෙවෙයි.”“ඒ කිව්වේ නංගි?”“ගොඩක් ලස්සන කෙල්ලො පිටිපස්සේ තියෙන්නේ කඳුළු කතාවක් අයියේ. ඒක අමතක කරන්නකෝ... මම හිතන්නේ නෑ කප්යා අයියා මාව එක්කගෙන ආවේ මගේ ලස්සන ගැන ගුණ වර්ණනාවක් කරන්න වෙන්න ඇති කියලා.”
Details
- Author
- Lehan Handunge
- Publisher
- Reader's Hub
- ISBN
- 9786244870098
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels