
පාස්කු ප්රහාරයේ තොත්ත බබාලා
Pasku Praharaye Thoththa Babala
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
"අපිව ගේන බන්ධනාගාර බස් එකට දෙන ආරක්ෂාවෙන් 100න් 1ක් එදා කතෝලික පල්ලිවලට දුන්නා නම් අද අපි කවුරුත් මෙතන නෑ."- නවවැනි චූදිත රමීස් මොහොමඩ් සාජීද්"නිලන්ත ජයවර්ධන කියන්නේ නිකම්ම නිකන් රෝදයක දැති රෝදයක් නෙවෙයි, අකුණු වේගයෙන් සහ කඩිනමින් ගමන් කළ යුතු ත්රස්ත මර්දන රථයේ රෝදවලට අත්යවශ්යම වූ කොටසක්. නමුත් එහි රෝද කැරකුණේ අවිනිශ්චිතව පමණක් නෙවෙයි, ඉතාමත් මන්දගාමීවයි."- ශ්රේෂ්ඨාධිකරණය"මේ පාස්කු ඉරිදා ප්රහාරය මෙහෙයවුවේ කියලා මෙතෙක් කවුරුවත් කියලා නෑ. හැබැයි ඒක කළේ කවුද කියලා මම දන්නවා. මේ ගැන ඇවිත් සාක්ෂි දෙන්න කියලා අධිකරණයෙන් මට යම් ඉල්ලීමක් හෝ නියෝගයක් කළොත්, මේ පාස්කු ඉරිදා ප්රහාරය කළේ කවුද කියලා කියන්න මම සූදානම්."- මෛත්රීපාල සිරිසේන"ඔබ ඡන්දය දෙන්න ගිහින් නෙළුම මත බොත්තම එබුවාම, ඔබ එබූ බොත්තමෙන් ත්රස්තවාදය විනාශ කරනවා කියලා මතක තියාගන්න."- නරේන්ද්ර මෝදි පාස්කු ඉරුදින ප්රහාරයට පසුදින"එදා රෑ ජනාධිපති සිරිසේන ජාතිය අමතලා කතා කරා. ඉතාම සාහසික ප්රකාශයක් කළා. ලෝකයේ කිසිම ජනාධිපතිවරයෙකුට හෝ රාජ්ය නායකයෙකුට කියන්න, තියා හිතන්න වත් බැහැ, එතුමා කිවුවා "මේකට වගකියන්න ඕන ආරක්ෂක ලේකම් සහ පොලිස්පති, ඒ දෙන්නට උපරිම දඬුවම් දෙනවා" කියලා මූලික විමර්ශනයක්වත් කරන්න ඉස්සෙල්ලා ස්වාමීනි. මේක තමයි මේ කුමන්ත්රණයේ ප්රතිඵල, ඒ කුමන්ත්රණය වෙද්දී මේවා ඔක්කොම තීරණය කරලා. යන හැටි, පනින හැටි ආවට පස්සේ කියන හැටි, ඔක්කොම ස්වාමීනි."- හේමසිරි ප්රනාන්දු
Details
- Author
- Tharindu Uduwaragedara / M. F. M. Fazeer
- Publisher
- Radio Satahan
- ISBN
- 9786249251632
- Language
- Sinhala
- Category
- Political & Current Affairs