
එකමත් එක ගංගාවක
Once Upon a River
Ekamath Eka Gangawaka - Once Upon a River
528 pp
$18.00
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්රියයි.
තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.
ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.
ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.
ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.
මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.
එය ආශ්චර්යයක්ද? මායාවක්ද?
ඒ සිඟිති දැරිය කාගේද?
Details
- Author
- Diane Setterfield
- Translator
- Savindi Ariyathilaka
- Original title
- Once Upon a River
- Publisher
- Muses Publishing House
- ISBN
- 9786246570354
- Pages
- 528
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genres
- NovelsTranslations