
මරණය මැදින් මුලතිව් සිට
Maranaya Madin Mulathiw Sita
364 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැවූ තුවාල ලැබූ දීසානායකටද ඉවෙන් මෙන් දැනුනේය. තමන් නිසා සෙසු සියලුදෙනා ගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්ෂා නොකළේය.එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්නට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වුයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඩ කරවන ලෙසය. ඒ වන විට ත්රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ .ඔවුන්ගේ ගිනි අවි හද එලියට දිලිසෙමින් තිබිණ .සුළු චලනයකදී වුව ඒවා නිසැකවම ක්රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හර්ද ස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඩියාවක් තුල දිසානායක එක වරක් කරන හඩට 11 දෙනෙකුගේ ජීවිතවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසදාගත නොහැකි ගැටලුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක් හෝ ප්රමාදයකට කිසිදු ඉඩක් නොවිය ,එහිදී ඉතිරිව තිබු එකම විකල්පය ක්රියාත්මක කරන ලෙස දිසානායක බල කළේය.
Details
- Author
- Sujith Chaminda Edirisinghe
- Publisher
- Self-published
- ISBN
- 9789559719144
- Pages
- 364
- Language
- Sinhala
- Category
- Non-Fiction