කුරුලෙණ

කුරුලෙණ

Kurulena

Lakshan Dias

$15.20

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

මේ පොත ලියන නීතිඥ ලක්ෂාන් ඩයස් පිළිගත් නවකතාකරුවකු නොවේ, කවුරුත් දන්නා ලේඛකයකුද නොවේ. මුහුණු පොතේ ලියැවුණු සමහර දේ හැර ඔහුට ලේඛන ඉතිහාසයක් නැත.මේ පොතේ කර්තෘ වෘත්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ වරයකු වන අතර මගේ මිතුරෙකි. ලක්ෂාන් ගැන බොහෝ දෙනා දන්නේ මානව හිමිකම් නඩු කතාකරන නීතිඥවරයකු වශයෙනි. නීතිඥ වෘත්තියට අදාල සමිති සමාගම්වල නිලතල දරමින් වෘත්තියේ යෙදීම ගැන ලක්ෂාන් වඩා ප්‍රකටය. අතීතයේ නම් ලක්ෂාන්ට නාට්‍ය කලාවට ඇල්මක් තිබුණද ඔහු ඒ මග වැඩිදුර නොගියේ ඔහුගේ තෝරා ගැනීම අප මෙන් නාට්‍ය කලාවට වැය නොකළ නිසාය.ලක්ෂාන් ලංකාවේ විවිධ සිවිල් සමාජ කණ්ඩායම්වල නායකත්වය දැරූ අයකු මෙන්ම ඒ විෂයේ රට පුරාද ලෝකය පුරාද විවිධ සහ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තෙකි.මානව හිමිකම් සඳහා වූ දකුණු ආසියාතිකයෝ සංවිධානයේ නායකත්ව මණ්ඩලයේ වරකෙක කටයුතු කළ ඔහු, තවත් වරකෙක ආසියානු පැසිෆික් සරණාගත අයිතිවාසිකම් සාමුහිකයේ නායකත්ව මණ්ඩලයේ විය. මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ ප්‍රධාන විධායක වන ඔහු, ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් ව්‍යාපාරයේ මූලස්ථානයේ ප්‍රධාන විධායක තනතුරද දැරීය. හොංකොං හි ආසියානු පැසිෆික් තරුණ සංගම් කාර්යාලයේ කලාපීය ලේකම්වරයකු විය. ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ලංකා ශාඛාවේ සභාපති වන ඔහු තවත් වරකෙක රයිට් ටු ලයිෆ් සංවිධානයේ සභාපති වේ.ඔහු අප දන්නා තරමට විචිත්‍ර දිවි ගමන් ඇත්තෙකි. මේ පොත ඒ අත්දැකීම්වල යටිපෙළ කියැවෙයි.

Details

Author
Lakshan Dias
Publisher
Feather Print Service
ISBN
9786245866038
Language
Sinhala