
කාන්තාරයේ දරුවෝ
Kantharaye Daruwo
162 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
කාන්තාරයේ දරුවෝ’ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්යෙව්දිනී කොරින්නා සමඟ එක්ව ස්ත්රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්රිකානු කාන්තාවෝ ඔවුන් ගේ චාරිත්රයකට අනුව ස්ත්රී චර්මඡේදනය නැමැති ව්යසනයට ගොදුරු වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්රිය අලංකාර කරගැනීම සදහා චර්මඡේදනය කරවා ගනිති. අප්රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්ය සායනයන් වෙත ගොස් නීත්යානුකූල චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්රී චර්මඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් නම් ස්ත්රී ලිංගේන්ද්රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිසියම් පරමාධ්යාංශයක් නැතිනම් කල්පිතයක් තිබෙන බවයි. ස්ත්රී චර්ම ඡේදනය සිදුවන්නේ පුරුෂ පක්සයේ අවශයතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේද? යුරෝපය තුළද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්රිය ක්රියාකරන බැවි පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්රී ලිංගේන්ද්රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘතිම රූපලාවන්ය සදහා වෛද්ය සායන පවතින්නේ කෙසේද?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්රේෂ්ඨ ගත්කරුවාමෙසේ පවසා ඇත. ”ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ”
පින්තූරයෙන් එළියට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.
Details
- Author
- Ranjith Kuruppu
- Publisher
- Surasa / Fast Publishing
- ISBN
- 9789551822668
- Pages
- 162
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books