හෝමූස් & Dr. විල්සන්

හෝමූස් & Dr. විල්සන්

Homus & Dr. Wilson

Tharu Rajapaksha

240 pp

$14.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

"ස්තුතියි මහත්මයා. ඇත්තෙන්ම මම ඉතාමත් කෘතඤපූර්වක වෙනවා ඔබ මා හට වතුර වීදුරුවක් ගෙන එනවා නම්" යනුවෙන් ඇය පැවසූ විටම මා විසින් ස්පරයිට් බෝතලය සමඟ නොමිලේ ලැබුණ වීදුරුවට ජලය පුරවා වීදුරුවක් ගෙන ගොස් දුනිමි.

"ඔබ බොහොම ලොකු මානසික පීඩනයකින් සිටින බව මා හට තේරෙනවා. කරුණාකර ඔබගේ ගැටලුව අප වෙත ඉදිරිපත් කරන්න,”

යනුවෙන් හෝමුස් විසින් පැවසූ අතර ඇය හරි බරි ගැසී තම කතාව පැවසීමට පටන් ගත්තාය.

"මම මීනා.."

*මීනා හාකර්ද?"

මම ඇසුවෙමි, හෝමුස් මට රැව්වේය,

මීනා හාකර් ඉන්නේ ඩ්‍රැකියුලා කතාවේ ජොනතන් සාමිගේ වයිෆ්නේ මනුස්සයෝ"

හෝම්ස් දැඩි ස්වරයෙන් පැවසීය.

මම මීනා සිරිතිලක, මම විවාහා වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ජොනතන් ධර්මදාස නැමත්තා සමඟයි. නමුත් රහස්පරීක්ශක තුමණි දැනට දින ගනනකට පෙර සිට මාගේ පෙමිවතා අතුරුදහන් වී සිටිනවා. ඔහුගේ ආයතන ප්රධානියාගෙන් මා විමසු විට ඔහු පැවසුවේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිමල් සපරමාදු මහතාගේ පැරණි මන්දිරය වෙත ගියා කියාය. නමුත් මා හට මේ වනතෙක් ඔහුගෙන් කිසිඳු පණිවිඩයක්. ඇමතුමක් ලැබී නැහැ. ඔහු අවසානයේ මා හට මෙම කෙටි පණිවිඩය ඒවා තිබුණා."

Details

Author
Tharu Rajapaksha
Publisher
Self-published
ISBN
9786249447424
Pages
240
Language
Sinhala