{"product_id":"uthuru-sulangin-kampitha-wu-maime-dakunu-ima","title":"උතුරු සුළඟින් කම්පිත වූ මායිමේ දකුණු ඉම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මම ඇඳ ඇතුළට රිංගනවා දැකපු ආච්චි කෙනෙකුත් ආවා ඇඳ යටට රිංගන්න. ඒත් එයාට රිංගගන්න බැරි වුණා. කොටි කාමරේට ආව ගමන් ඒ ආච්චිට වෙඩි තිබ්බා. ආච්චිට තිබ්බ වෙඩිල්ලක් මගෙත් කකුලට වැදුණා. ඒත් මං වෙඩි කාගෙන සද්ද කරන්නෙ නැතුව ඇඳ ඇතුළට වෙලා හිටිය. ඒත් වැඩක් වුණේ නෑ, මගේ කකුලක් එළියෙ තියෙනව දැකලා උන් මාව කකුලෙන් අල්ලලා එලියට ඇදලා ගත්තා.”\u003c\/p\u003e\n\u003cp\u003eඇයට අන් සරණක් නැත. අඳුර රජයන පාළු සොහොන් පිටියක සිරිය ගත් නිවස තුළ සිටි සියල්ලන් අනාගත භවය කරා ගොස්ය. පණ පිටින් සිටියේ ඇයත් කෲර කොටි ත්‍රස්තවාදීන් පස් දෙනෙකුත් පමණි. හැඩි දැඩි, අමානුෂික, අවිගත් කොටි ත්‍රස්තවාදීන් පස් දෙනෙකුට එරෙහිව නිරායුධ, දැනටමත් වෙඩි වැදී ආබාධිතව සිටින අවුරුදු 17ක තරුණියකට කළ හැකි යමක් වේද?\u003c\/p\u003e\n\u003cp\u003eඅප දෙදෙනා අතර වූයේ දැඩි නිහැඬියාවකි. ඉන් පසු සිදු වූයේ කුමක්දැයි ඇසීමට මා සිත මොරගෑවද දිව නොනැවෙයි. අද මා ඉදිරියේ ඇය වන නිසා ඔවුන් ඇය මරා නොදැමූ බව සත්‍යයකි. නළියන දෙනෙත් අග පොපියන කඳුළු බිඳුවක් ඉන් එහා ගිය යමක් සිදු වූ බව කියාපායි. දිලිසෙන දෙනෙතින් මා දෑස් මගහැරි ඈ තම පාදයේ ඇඟිලි තුඩු ලෙස බලා සිටියාය. අනතුරු, ඉහළට ඇදගත් වේදනාත්මක හුස්මක් පහළට හෙළුෑ ඈ ඉඳ සිටි පුටුවෙහි ඇන්ද තරයේ අල්ලා ගත්තීය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665562669242,"sku":"9786249220621","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/uthuru-sulangin-kampitha-wu-maime-dakunu-ima.jpg?v=1791851203","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/uthuru-sulangin-kampitha-wu-maime-dakunu-ima","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}