{"product_id":"the-spy-who-loved-castro","title":"කස්ත්‍රෝට පෙම් බැඳි CIA ඔත්තුකාරිය — The Spy Who Loved Castro","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදෙවැනි ලෝක සංග්‍රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන්-බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත්‍රෝ සමග දෛවෝපගත ප්‍රේමයක වෙලී 1959දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිටවී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමේ CIA මෙහෙයුමකට සම්බන්ධ වන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eජාත්‍යන්තර චරපුරුෂ ජාල සහ ඇමරිකානු-ඉතාලි මාෆියාව හරහා ගමන් කරන 'කැරිබියානු මාතාහාරි' නමින් ප්‍රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත්‍රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙන් අත්හැර දමන අතර, වසර ගණනාවකට පෙර ඇයට අහිමි වූ පිදෙල්ගේත් ඇගේත් දරුවා දෛවෝපගත ලෙස නැවත හමුවෙයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Subhavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665476358330,"sku":"9786245774791","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-spy-who-loved-castro.jpg?v=1791851085","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-spy-who-loved-castro","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}