{"product_id":"santhushti","title":"සන්තුෂ්ටි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"උඹට ඕනි මගෙ මිනිය මේ සාලෙ මැද්දෙ තියෙනවා බලන්නද ?\" රති මැණිකේ හඬා වැටෙනු ඇතැයි සඳමලීට සිතෙයි. තම නූපන් ජීවිතය විනාශ කිරීමේ සටනට ඔවුන් අර අඳිනු ඇත.ඊට පෙර කාගේවත් මුහුණුවල මේ අවනම්බුව ගෑවෙන්නට නොදී තමා වහාං වී යන එක හොඳයි කියා සඳමලීට සිතෙයි.\"ඒත් එයා දැනගන්නෝන... එයාගෙ පැටියෙක් මගෙ බඩේ ඉන්නවා කියල\" සඳීට ඒ උණුසුම් අනුරාගී රාත්‍රිය මතක් වෙයි. සබරගමු සීතල මකාගෙන ඔහුගේ පපුවේ රස්නයෙන් තම ආත්මය උණුසුම් වූ රාත්‍රිය කෙසේනම් අමතක කරන්නද ? තම හිස සිපගනිමින් තමාව කෙදිනකවත් අමතක නොකරන බවට ඔහු දුන් පොරොන්දු ඇයට මතක් වෙයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Thara Publications","offers":[{"title":"Default Title","offer_id":50665589964986,"sku":"9789551116835","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/santhushti.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/santhushti","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}