{"product_id":"premakshara","title":"ප්‍රේමාක්ෂර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.\u003c\/p\u003e\n\u003cp\u003eසීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.\u003c\/p\u003e\n\u003cp\u003eවත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.\u003c\/p\u003e\n\u003cp\u003eසංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.\u003c\/p\u003e\n\u003cp\u003e“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665452404922,"sku":"9789553125675","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/premakshara.jpg?v=1791851060","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/premakshara","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}