{"product_id":"prema-soothra","title":"ප්‍රේමසූත්‍ර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්‍ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබු කලාපයකි. ඔහු හා සමග සමීප ඇසුරක් ඇරඹු දා සිට සිය හැගීම් සමග සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගීම් සමුදායකි.\u003c\/p\u003e\n\u003cp\u003eඑදා සිට ම ඔහු ඇසුරෙහි උණූසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොදුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමග සහවාස ජීවිතය පිළිබද අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඩරු පිඩක් ව දියව ගියා ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665462988986,"sku":"9786242041162","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/prema-soothra.jpg?v=1791851084","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/prema-soothra","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}