{"product_id":"munnakkare-sansare","title":"මුන්නක්කරේ සංසාරේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.\u003c\/p\u003e\n\u003cp\u003eදිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.\u003c\/p\u003e\n\u003cp\u003eවෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.\u003c\/p\u003e\n\u003cp\u003eඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665449488570,"sku":"9786245546374","price":16.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/munnakkare-sansare.jpg?v=1791851060","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/munnakkare-sansare","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}