{"product_id":"messa","title":"මැස්සා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eහේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මෑ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ - බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප්‍රාථමික සිසු අවධියෙන් ව්‍යාකුල සරසවි අවධිය දක්වා නොකඩවා විහිදෙයි. ග්‍රාමීය ප්‍රභූන්ගේ අකීකරු පුත්‍රයකු වු හේ විද්‍යාවේ හා ප්‍රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි. වැඩිමහලු විද්‍යාඥ සොහොයුරා තමාගේ විද්‍යා සුරතලා පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහයක බවට පත් කර ගනියි.\u003c\/p\u003e\n\u003cp\u003eවැඩිමහලු සොහොයුරිය ද අවසානාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නවකවදයෙන් ජරාජීර්ණ වෙද්දි විද්‍යාව අතහැර දර්ශනවාදය හදාරන්නට අනීතික වෑයමක් ගන්නා හේ විද්‍යාව, ගණිතය, ප්‍රබුද්ධනය හා හේතුවාදය අතහැර ලංකා සමතලවාදීන්ගේ සංගමය පිහිටුවමින් යාවත්කාලීන බුද්ධාංකාරයා බවට පත් වේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665435267258,"sku":"9786240009089","price":12.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/messa.jpg?v=1791851037","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/messa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}