{"product_id":"matti","title":"මැට්ටි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅපිට ඉංග්‍රීසි උගන්නන්න ආවේ සුවර්නා ටීච. අපි ටීචට කැමතිත් නෑ. ඉංග්‍රීසි වලට කැමතිත් නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eටීචත් අපිට එච්චරම කැමති නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eටීච හැමදාම ආ වෙලාවේ ඉදං එයාගේ නම කියන්න උගන්නනවා.\u003c\/p\u003e\n\u003cp\u003eසුවර්නා\u003c\/p\u003e\n\u003cp\u003e“සුවර්නා නෙමෙයි.. ස්…වර්නා… අගේන්..ස් ස් වර්නා..”\u003c\/p\u003e\n\u003cp\u003eඅපි ඔක්කෝම කෑ ගහලා කියනවා.\u003c\/p\u003e\n\u003cp\u003e“ඉස් වර් නා”\u003c\/p\u003e\n\u003cp\u003eසුවර්නා ටීච අපිට සිංදු කියලා දෙනවා. මෙලෝ තේරුමක් නැති සිංදු.\u003c\/p\u003e\n\u003cp\u003eදවසක් කිව්වා, ඒ – බී – සී – ඩී කියලා සින්දුවක්..\u003c\/p\u003e\n\u003cp\u003eඅපි ඉස්කෝලේ ඇරිලා යද්දි ඕක කිය කියා පාඩම් කරා.\u003c\/p\u003e\n\u003cp\u003eඅනික් දවසේ ටීච ඒක පාඩම් ගත්තා. අසුන්දරා. මේ මේ ව..සුන්දරා නැඟිට්ටා.\u003c\/p\u003e\n\u003cp\u003e“… ඒ බී සී ඩී .. කොස් ඇට සිබිඩි !”\u003c\/p\u003e\n\u003cp\u003eටීච ඉංග්‍රීසි යකෙක් වගේ අසුන්දරා දිහා බැලුවා. අසුන්දරා තව මොනවදෝ හෙමීට කිව්වා.ඒ ටික අපිට ඇහුනේ නෑ..\u003c\/p\u003e\n\u003cp\u003eඅඩි රූල එහාට මෙහාට වැනුනා.\u003c\/p\u003e\n\u003cp\u003eඅසුන්දරාගේ දෙපැත්තේ හිටිය දෙන්නත් ගුටි කෑවා.\u003c\/p\u003e\n\u003cp\u003eටීච එහෙම තමයි . ටීචට කොයි පැත්තද කියලා නෑ. ඔහේ රූල වනනවා.\u003c\/p\u003e\n\u003cp\u003eකාගෙවත් අම්මලා එන්නෙ නෑ ඉංග්‍රීසි ටීචට කතා කරන්න. බයේ නෙවෙයි . ඒගොල්ලොන්ට ඉංග්‍රීසි පේන්න බෑ.\u003c\/p\u003e\n\u003cp\u003eආච්චි නම් කියන්නේ ඔය ගෙරි මස් කන සුද්දෝ කියලා .\u003c\/p\u003e\n\u003cp\u003eමං දවසක් අම්මාගෙන් ඇහුවා ඉංග්‍රීසි ටීච එහෙම කරන්නේ ඒ ඉංග්‍රීසි ටීචට මීමැස් මොරේද කියලා .\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මා කොච්චර හයියෙන් හිනාවුණා ද කිව්වොත් ආච්චි හරියට කලබල වුණා.\u003c\/p\u003e\n\u003cp\u003e” ඔය හිනාවෙන තාලෙට බඩේ ඉන්න එකා එළියට පනී!”\u003c\/p\u003e\n\u003cp\u003e“මොකාද ආච්චියේ බඩේ ඉන්නේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“……..!”\u003c\/p\u003e\n\u003cp\u003eඉතිං මම නම් හයියෙන් හිනා වෙන්නෑ. බඩේ ඉන්න එකා එළියට පැන්නොත් කියලා මං හරි බයයි. ඉස්කෝලෙදි නම් කොහොමවත් එහෙම හිනාවෙන්නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eරම්මියා උනත් හයියෙන් හිනාවෙනකොට මං කියනවා\u003c\/p\u003e\n\u003cp\u003e“ඔහොම හිනා වෙන්න එපා. බඩේ ඉන්න එකා එලියට පනී…” කියලා .\u003c\/p\u003e\n\u003cp\u003eදවසක් ඉඟුරුවත්තේ නැන්දයි එයාගේ අම්මයි අපේ ගෙදර ඇවිත් රස කතා කිය කියා හිටියා. රස කතා කිව්වට කිසි රසක් නෑ. ආච්චි නම් හරියට හිනා උනා. ඉඟුරුවත්තේ නැන්දත් හිනා වෙන්න ගත්තා.\u003c\/p\u003e\n\u003cp\u003eමට බය හිතුනා.\u003c\/p\u003e\n\u003cp\u003e“ඔහොම හිනා වෙන්න එපා බඩේ ඉන්න එකා එලියට පනී!”\u003c\/p\u003e\n\u003cp\u003eඕක කිව්වා විතරයි ඉඟුරුවත්තේ නැන්දා ඇස් ගෙඩි දෙක එළියට දාගෙන ආච්චි දිහා බැලුවා.\u003c\/p\u003e\n\u003cp\u003eඊට පස්සේ ඒගොල්ලෝ මොකුත් කතා කරේ නෑ. හිනා උනෙත් නෑ.\u003c\/p\u003e\n\u003cp\u003e“ඒ මිනිස්සු ආයේ මෙහේ එන එකක් නෑ…”\u003c\/p\u003e\n\u003cp\u003eතාත්තා රෑ වෙලා කිව්වා.\u003c\/p\u003e\n\u003cp\u003eතාත්තා ඔය කියන කියන ඒවට නම් අම්මා හිනා වෙන් නෑ. කියන්නෙත් හිනා යන තාලෙටවත් නෙමේනේ. එයාට බඩේ ඉන්න එකා එලියට පැන්නත් එකයි. නැතත් එකයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මා මේස රෙද්ද දිහා බලා ගෙන ඇහුන් නෑ වගේ හිටියා.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Bookrack Publishers","offers":[{"title":"Default Title","offer_id":50665599500474,"sku":"9789553490193","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/matti.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/matti","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}