{"product_id":"magpie-murders","title":"Magpie Murders","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?\u003c\/p\u003e\n\u003cp\u003eඔව්?\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්වාස කරන්න මිත්‍රයා… එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!\u003c\/p\u003e\n\u003cp\u003eඑංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?\u003c\/p\u003e\n\u003cp\u003eඇලන් කොන්වේගේ කෘතියක,\u003c\/p\u003e\n\u003cp\u003eඔහු ලියූ වැකි පෙළක,\u003c\/p\u003e\n\u003cp\u003eළමා කවියක,\u003c\/p\u003e\n\u003cp\u003eඔහු ගොඩනැඟූ චරිත සමූහයක,\u003c\/p\u003e\n\u003cp\u003eඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?\u003c\/p\u003e\n\u003cp\u003eපොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්වාස කරන්න…\u003c\/p\u003e\n\u003cp\u003eඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665503293626,"sku":"9786246570057","price":18.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/magpie-murders.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/magpie-murders","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}