{"product_id":"little-house-in-the-big-woods","title":"වන අරණක කුඩා නිවස — Little House in the Big Woods","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලෝරා ඉන්ගල්ස්ගේ කාන්දරය ආරම්භ වෙන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිව් හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි,අම්මා, සහෝදරයන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ් කුඩා නිවසේ ජීවත් ‌වෙයි. දරුණු සීත කාලයකට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ් ඈත අතීතයක ජීවිතය ඇතැම් වෙලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදු සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු ‌දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම,වාසනාවන්ත සෘතුවේ පැළ වැවීම ,අස්වනු කැපීම,පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි.සෑම රාත්‍රියකම අ්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්,,ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති.\nපරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ග්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමු වැන්න මෙසේ ආරම්භ වෙයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":46584713412794,"sku":"little-house-in-the-big-woods","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/little-house-in-the-big-woods.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/little-house-in-the-big-woods","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}