{"product_id":"kala-nadee-gala-basee","title":"කාල නදී ගලා බසී","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eහැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප්‍රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්‍රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත්‍ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්‍රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eචිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eවනසත්ව ජීවිත අළලා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ වයිල්ඩ් ඒසියා වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය. \" කාල නදී ගලා බසී \" ඔහුගේ ප්‍රථම නවකතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665595601082,"sku":"9789556772487","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kala-nadee-gala-basee.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kala-nadee-gala-basee","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}