{"product_id":"kaadhal","title":"කාදල්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e”අර දුර ඈතින්, අපිට ඉස්සරහින් වගේම පිටිපස්සෙන් පේන කඳුවල නම් ඔයා දන්නවද?\"\u003c\/p\u003e\n\u003cp\u003e”නැහැ ළමයෝ.... හරියටම නම් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය ඉස්සරහින් පේන්නේ නම් පිදුරුතලාගල වෙන්න ඇති! ඒ කොහොම වුණත් ඔය කඳු මෙතන ඉඳන් බලද්දි මාර ලස්සනයි.”\u003c\/p\u003e\n\u003cp\u003e”මම කියන්නද? අර ඉස්සරහින් පේන ලොකු කන්ද ඔයා! එතකොට අපිට පිටිපස්සෙන් පේන කන්ද මම! මේ වැව තමා අපේ අහම්බයේ රහස දන්න කෙනා. එතකොට මමයි ඔයයි තමයි ඒ අහම්බය!\u003c\/p\u003e\n\u003cp\u003eඑයා මේ වචන ටික කිව්වේ ඉස්සරහා බලාගෙන නිවුණ හිනාවකින්. මම බලාගෙන හිටියේ එයාගේ ඇස් දිහා. ඒ ඇස්වලින් මට හැඟුණේ කියාගන්න බැරි තරම් ලොකු කතාවක් කියන්න පුළුවන් පුංචිම කතාවක් විදිහට චූටි කරලා මට කිව්වා වගේ.\u003c\/p\u003e\n\u003cp\u003e”එහෙම නේද?”මම එයාගේ ඇස් අතරේ ගිලිලා ඉන්න අතරේ එයා එහෙම කියාගෙන මං දිහාවට හැරුණා.\u003c\/p\u003e\n\u003cp\u003e”ඔව්, අපි දෙන්නා තමයි ඒ අහම්බය! මම එහෙම කිව්වේ එයා දිහා බලාගෙනමයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Egenuma Books","offers":[{"title":"Default Title","offer_id":50665600090298,"sku":"9786244921004","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kaadhal.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kaadhal","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}