{"product_id":"eka-amuthu-kathawak","title":"ඒක අමුතු කතාවක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?\u003c\/p\u003e\n\u003cp\u003e“ඔහ්... කමෝන්! මේක සාමාන්‍ය පැහැරගැනීමක් නෙමෙයි...” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්...”\u003c\/p\u003e\n\u003cp\u003e“ඔව්..?”\u003c\/p\u003e\n\u003cp\u003e“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”\u003c\/p\u003e\n\u003cp\u003e“මොකක්?”\u003c\/p\u003e\n\u003cp\u003eමට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්.\u003c\/p\u003e\n\u003cp\u003e“තෑන්ක්ස්...” එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා.\u003c\/p\u003e\n\u003cp\u003e“මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ... සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”\u003c\/p\u003e\n\u003cp\u003eකාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට...\u003c\/p\u003e\n\u003cp\u003eඑයා හදිස්සියෙම මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමන් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.\u003c\/p\u003e\n\u003cp\u003e“අපි දෙයක් කරන්න යන්නෙ...”\u003c\/p\u003e\n\u003cp\u003eඑයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.\u003c\/p\u003e\n\u003cp\u003e\"ම්ම්?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"අපි එයාව උස්සනව!” අදිති කිව්වා.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665597796538,"sku":"9786245579518","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/eka-amuthu-kathawak.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/eka-amuthu-kathawak","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}