{"product_id":"dadayam-ballo","title":"දඩයම් බල්ලෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසිදු වූ කිසිවක ශේෂ වූ ප්‍රතිඵලයක් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගවෙන් ඉදිරියට ධාවනය කළේ වට කිසිවක් පිළිබදව අවධානයක් ලබා නොදෙමින්ය.ඒ සමගින්ම නැවතත් ඔහුගේ දුරකථනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කර්‍යයෙහි සාර්ථකත්වය පිළිබදව සැල කිරීමේ ආශාවෙනි.\u003c\/p\u003e\n\u003cp\u003e“මොකද බල්ලෝ තොපි ෆෝන් ගන්නේ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සියයට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවි මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජීවිත තියෙන්නේ ඔය කෙල්ලගේ අතේ.\u003c\/p\u003e\n\u003cp\u003e“වෙඩික්කරුගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස් තිබුණි. “බො..බොස් ම.. ම..මං කෙල්ලට තිබ්බා. කෙල්ල එතනමයි.”ඔහු පැවසුවේ වෙව්ලන ස්වරයෙනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665557524666,"sku":"9786245572380","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/dadayam-ballo.jpg?v=1791851202","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/dadayam-ballo","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}