{"product_id":"chuttemale-apeyakka-2","title":"චුට්ටෙමලේ (අපෙයක්කා 2)","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eචුට්ටේට ඉගෙන නොගෙන සිටීමට තිබෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චුට්ටේ නවතින්නේ ඒරොප්පේ මොකදෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. ලොකු ඉස්කෝලේ මහත්තයා සභාවේ කී දේ තේරුම් ගැනීමට පවා කිසිම උනන්දුවක් නොතිබුණ චුට්ටේ කතාව අවසන් වීමටත් පෙර මහා හඬින් අත්පුඩි ගැසුවේය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චුට්ටේ දෙස කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටි ලොකු මහතා මෙවන් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකු තම පාසලේ සිටීමත්, එවන් ශිෂ්‍යයෙකු දෑසින් දැක ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මෙම ස්ථාන මාරුවට තම ස්තූතිය පළ කොට ලිපියක් ද එදාම යවා තිබුණේය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665601204410,"sku":"9786249287112","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/chuttemale-apeyakka-2.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/chuttemale-apeyakka-2","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}