{"product_id":"book-9789556759938","title":"ලෙමන් ඇන්ඩ් පැෂන්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”\u003c\/p\u003e\n\u003cp\u003e\"ආහ්..! මේ දැනුත් කතා කරේ ඉතින් කියන්න.”\u003c\/p\u003e\n\u003cp\u003e\"එහෙම නෙමෙයි...”\u003c\/p\u003e\n\u003cp\u003e\"එහෙම නෙමෙයි කියන්නේ එහෙනම් සයින් ලැන්වේජ් එකෙන්ද කතා කරන්න ඕන? අනේ සොරි..! මම ඒක නම් දන්නෑ.”\u003c\/p\u003e\n\u003cp\u003e\"එහෙම නෙමෙයි. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා.”\u003c\/p\u003e\n\u003cp\u003e\"මිස්... මේ ලෙමන් එක මිස්ට නේද?”\u003c\/p\u003e\n\u003cp\u003e\"මොකක්ද අහන්න තියෙනවා කිව්වේ?”\u003c\/p\u003e\n\u003cp\u003e\"මේකයි රිදී...”\u003c\/p\u003e\n\u003cp\u003e\"සර්... පැෂන් එක සර්ට නේද?”\u003c\/p\u003e\n\u003cp\u003eමේ හුංගම පුතා නම් මට බාබකියු දාගෙන කන්න දැන් හිතිලා තියෙන්නේ.\u003c\/p\u003e\n\u003cp\u003e\"රිදී... මේක කියන්න වටේ යන්න ඕන්නෑ තවත්... මම ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නේ?”\u003c\/p\u003e\n\u003cp\u003eමම හිතුවා මම එහෙම පොල්ලෙන් ගහන්න වගේ ඇහුවම ඒකි හෙල්ලිලා යයි කියලා. මොන...\u003c\/p\u003e\n\u003cp\u003eමිම්... සුන්දර දවසක්!\u003c\/p\u003e\n\u003cp\u003e\"යමු මාත් ඒ පැත්තටනෙ යන්නෙ. කැබ් එකක් දාන්නම් මම ඔයාවත් දාගෙන යන්නම්.”\u003c\/p\u003e\n\u003cp\u003e\"අනේ මේ... ඕවට නම් එන්නෙපා. මම ආස නෑ. මගේ ටුක් එක ලඟ තියෙන්නෙ. මම යනවා.”\u003c\/p\u003e\n\u003cp\u003eඅභීතටත් ගොරවලා පාර අයිනට පැන්න මම ඈත එන ත්‍රීවිලර් එකට අත වැනුවෙ උඩ පැන පැන.\u003c\/p\u003e\n\u003cp\u003e\"වරෙන්කො ඉක්මනට! මගේ වකුගඩුවට ගෑස්ටික් හැදිලා වගේ දැන්.”\u003c\/p\u003e\n\u003cp\u003e\"මම ගියා. පරිස්සමෙන් යන්න. තෑන්ක්ස් උදව්වට..! යද්දි කැබ් එකේ අයියා අල්ලන්න ආවොත් හයියෙන් කෑ ගහන්න. මතකනෙ මොන්ටිසෝරියෙදි ටීචර් ඉගැන්නුවා. ඔයාගෙ ඇඟ අයිති ඔයාට. වෙන කාටවත් නෙමෙයි. ඒ නිසා කාටවත් අල්ලන්න දෙන්නෙපා. හයියෙන් කෑ ගහලා බැරි වුණොත් වහාම දුවල ගිහින් ළගම ඉන්න වැඩිහිටියෙක්ට කියන්න. බායි අභීත!''\u003c\/p\u003e\n\u003cp\u003eනෑ නෑ මේ හතර දිසාවටම භ්‍රමණය වෙන කවකට්ටට නම් කැමති වෙන්න හිතන්නවත් එපා රිදී. ඊට වඩා හොඳයි තෝ පැනපන් ගිහින් බේරෙ වැවට!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Akura Publishers","offers":[{"title":"Default Title","offer_id":50665589047482,"sku":"9789556759938","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/lemon-and-passion.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/book-9789556759938","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}