{"product_id":"athakin-amma-ya-athakin-merama-ya","title":"අතකින් අම්මා ය අතකින් මෙරමා ය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙය පී.බී. ජයසේකරගේ හයවැනි නවකතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහුගේ සියළුම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ 'මා ප්‍රති මා' විදුදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේය. 'ඉක්බිතිව ඔහු මරාපීහ' 2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත්‍ර විය. 'මරියා සිලොනිකා වස්තුව' ඔහුගේ පළමු නව කතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. 'අවලමා සහ ඇහැටුව' රාජ්‍ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණි අතර 'බලව, කඳුළු ගිනි ගනී!' ෆෙයාර් වේ සම්මාන අසාන නවකතා පහ තුළ රැඳිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ සියල්ල යම් අයුරකින් සත්‍ය සිදුවීම් හා බැඳී නවකතාවයි. එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැදෙනවා. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයා යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයේ දි, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනවා. 'අතකින් අම්මා ය අතකින් මෙරමා ය ' සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665429369018,"sku":"9789556779196","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/athakin-amma-ya-athakin-merama-ya.jpg?v=1791851037","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/athakin-amma-ya-athakin-merama-ya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}