{"product_id":"apeyakka","title":"අපෙයක්කා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඅපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665600647354,"sku":"9786249287105","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/apeyakka.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/apeyakka","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}