{"product_id":"ambuluwawa","title":"අම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය” ලෙස මේ පොත නම් කිරීමට සුවිශේෂී හේතුවක් විය. ඒ, පරයා යන යෙදුම පිටස්තරයා යන තේරුමට අමතරව “නීච” යන තේරුම ද ලබාදීමයි. පිටස්තරයන්ගේ එසේත් නැත්නම් පවතින ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගෙන් බැහැර වූ දුෂිතයන්ගේ සහ නිචයන්ගේ ආධිපත්‍යයට යටවූ නිලධාරීන් රොත්තක් හමුවේ එම පිටස්තරයන්ගේ සහ නිචයන්ගේ අනීතික වැඩවලට එරෙහි වූ එක නිලධාරිනියක් වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eඇය ආත්මා ය. උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලක්ෂි ජයරත්න මහත්මිය ය. පිටස්තරයන් සහ නිචයන් ලෙස පැමිණි ගම්පොළ අරක්ගත් දේශපාලනඥයෝ මෙන්ම ඔවුන්ට සහයෝගය දැක්වූ නිලධාරීහු ද ආත්මාගේ ආධිපත්‍යයට බිය වූහ. අවසානයේ පර ආධිපත්‍යය පැරදවීමට ආත්මාධිපත්‍යයට හැකියාව ලැබිණි. ආත්මා දිලක්ෂි නීති විරෝධී සහ සදාචාර විරෝධීව වර්තමාන ආණ්ඩුව යටතේ ද කුමන්ත්‍රණකාරී ලෙස ස්ථාන මාරු කළ ද, ඇය පරාජය වී නැත. ආත්මා සමග දූෂණයට එරෙහි නිලධාරීහු රොද බැඳ සිටිති. ආත්මාට වින කටින්නේ පරාජිතයන් ය.\u003c\/p\u003e\n\u003cp\u003eආත්මාට පමණක් නොව නීතිගරුක සහ අවංක සියලු රාජ්‍ය නිලධාරීන්ට මෙම කෘතිය ගෞරවයෙන් පුද කරමු. දේශපාලනඥයන්ට ගැති නොවන, දූෂණයෙන් තොර අවංක රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි අනවරත අරගලයක යෙදිය යුතු වෙමු.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"MediaLK.com","offers":[{"title":"Default Title","offer_id":50665470591162,"sku":"9786242123394","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ambuluwawa.jpg?v=1791851085","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/ambuluwawa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}