{"product_id":"abasaththi","title":"අබාසාත්ති","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”\n“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”\n“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…”\n“නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”\u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.\n“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”\u003c\/p\u003e\n\u003cp\u003eකාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.\nඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද?\u003c\/p\u003e\n\u003cp\u003eමොකෙන් මොක වෙලා නවතීද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":46605831831738,"sku":"row19","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/abasaththi.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/abasaththi","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}