{"product_id":"a-good-girl-s-guide-to-murder","title":"පිපා ෆිට්ස් ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව — A Good Girl's Guide to Murder","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්‍රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.\u003c\/p\u003e\n\u003cp\u003eනමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, 'සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්‍යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද? සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද? නැතහොත් ප්‍රේමයේ වෙසින් ආ මාරයාද?\u003c\/p\u003e\n\u003cp\u003eපැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්‍යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665569026234,"sku":"9786246570316","price":18.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/a-good-girl-s-guide-to-murder.jpg?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/a-good-girl-s-guide-to-murder","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}