{"title":"ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2026","description":null,"products":[{"product_id":"pudgalikai-rahasigathai","title":"පුද්ගලිකයි රහසිගතයි – Pudgalikai Rahasigathai","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් ගිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකොටත් තැළුම් දුන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eතාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා. ‘ මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව.’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලවාය.\u003c\/p\u003e\n\u003cp\u003eතම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ‘ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව. යැයි කියන්නට වන.\u003c\/p\u003e\n\u003cp\u003eහැබෑට ම එක් රැයක.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඅමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.\u003c\/p\u003e\n\u003cp\u003eළමා වියේ තැතිය හේතුකොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නොහී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eයසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්‍රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eඅමන්දා තම නැගනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නොකී රහස තුළ වේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Keheli Publishers","offers":[{"title":"Default Title","offer_id":46584713281722,"sku":"pudgalikai-rahasigathai","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/pudgalikai-rahasigathai.jpg?v=1791850963"},{"product_id":"bb","title":"බීබී – BB","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙම ලිවීම යථාර්ථවාදී විය යුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළ යුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්‍රබන්ධ ගතකිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45 ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ වරදක් නොවේ. වෙනසකට ඇත්තේ ඉදිරිපස දත්වලින් එකක් ඉදිරියට පැන තිබීමය. මෙම දත් ඒ මුහුණට එකතු කරන්නෙ අස්ලීල පෙනුමකි. ඔහුගෙ හිස් බැල්ම ඇස් ගෙඩි දෙකෙන් එළියට පැන ඇර දමා තිබූ ජනේලයක්ද පියමන් කර ඉබාගාතේ යයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46584713314490,"sku":"bb","price":12.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/bb.jpg?v=1788827446"},{"product_id":"mawwath-hadawath","title":"මව්වත් හදවත් – Mawwath Hadawath","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න. අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":46592011632826,"sku":"mawwath-hadawath","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mawwath-hadawath.jpg?v=1791850964"},{"product_id":"wasanga","title":"වසඟ – Wasanga","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eරාත්‍රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී නැගෙනහිරින් පෑයූ සඳ එළියේ ගොළු අවතාර පරිද්දෙන් පිදුරු මඩුව වට කොට එස වී තිබිණි. හෝහපුටු වදය තිබුණ ද නැදුන්ගේ බර නින්ද නොබිඳිණි…\u003c\/p\u003e\n\u003cp\u003eඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය අඳුර තුනී කරන්නට පටන් ගනිත් ම නැදුනේ අවදි වූයේ ය. කොබෙයියකුගේ ස්වරයට අනතුරුව කුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eදෑස් විවර කරත් ම සුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස මීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය. වකගැසී ගත් ගමන් පොඩ්ඩි සිටියේ නිදමිනි. සීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද ඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592011698362,"sku":"wasanga","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wasanga.jpg?v=1791850964"},{"product_id":"sunakha-aaryaa","title":"සුනඛ ආර්යා – Sunakha Aaryaa","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eළය පාරන අවතාර රූපී රාත්‍රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයකුගේ ද්‍රවිඩ වැන්දඹු බිරිය වූ ප්‍රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්‍රියා තම වැන්දඹු දිවිය ගෙවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් – අගනගරයක් ලෙස චිත්‍රණය වේ.\u003c\/p\u003e\n\u003cp\u003eසිය සැමියාගේ සමීප හිතවතියකව සිටි ආදිත්‍යයා නම් තරුණ දන්තවෛද්‍යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්‍රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුදායක උතුරු යුද කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පිනීවාහි දේශපාලන රැකවරණ සොයා යන ෆඩා සහ හදිසියේ අතුරුදහන් වන දිනේශ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්‍ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමු ගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පතාකයෙකි. ප්‍රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්‍රී වීථි සුනඛ ප්‍රජාවකි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":46592011763898,"sku":"sunakha-aaryaa","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sunakha-aaryaa.jpg?v=1788914164"},{"product_id":"seegiri-kodev","title":"සීගිරි කොදෙව් – Seegiri Kodev","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eබොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි. සීගිරි කොදෙව්’. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භූමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ කතාව තුළ මුණගැසේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592011862202,"sku":"seegiri-kodev","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/seegiri-kodev.jpg?v=1791850964"},{"product_id":"ridee","title":"රීදී – Ridee","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මං උඹට හැමදාම කියනවානේ මගේ රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ පේන මානෙනුත් වහන් වෙලා ඉඳපන් කියලා..”\u003c\/p\u003e\n\u003cp\u003e“කවුද අපුච්චි කුලවත්තු කියන්නේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“කුලවත්තු කියන්නේ මයෙ රත්තරනේ, උසට මහතට ඉන්න හම රතු පාට ඇත්තන්ට..”\u003c\/p\u003e\n\u003cp\u003e“හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තුද අපුච්චේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තු නම් අපේ වයිරත් කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..?”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":46592012681402,"sku":"ridee","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ridee.jpg?v=1788914171"},{"product_id":"nayananandaya","title":"ණයානන්දය – Nayananandaya","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eආදරය කියන්නෙත් ණයක් අපිට ලැබුණාම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය – මහේල\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා\u003c\/p\u003e\n\u003cp\u003eස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්\u003c\/p\u003e\n\u003cp\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී\u003c\/p\u003e\n\u003cp\u003eඋඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලී ඩැමේඩ් බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? – සෙව්වන්දී\u003c\/p\u003e\n\u003cp\u003eඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්තගන්නයි අමාරු\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592012779706,"sku":"nayananandaya","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nayananandaya.jpg?v=1791850964"},{"product_id":"digama-diga-diga-detha","title":"දිගම දිග දිග දෑත – Digama Diga Diga Detha","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e” වී දවස්වල පොඩිඩියෙ හඳ පායා ගෙන ආවා. උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්න කමට හඳ එළිය එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදියෙන් නෑවෙව්වා. ඒත් පොඩ්ඩියෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා ගායනා කරලා තිබුණෙ වෙස්සන්තර ජාතකය. මේකයි මං උඹට කියන්නෙ. හඳ එළිය දිළිසුණාට අල්ලන්ඩ බෑ. අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති ගස්වලට, නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයො ඉන්න නිධාන අනවසරෙන් හාරන්න ගියොත් වස් වදිනවා.”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Platform for Alternate Culture","offers":[{"title":"Default Title","offer_id":46592012845242,"sku":"digama-diga-diga-detha","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/digama-diga-diga-detha.jpg?v=1791850964"},{"product_id":"rathu-wada-mal","title":"රතු වද මල් – Rathu Wada Mal","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ තෝල්කයො මොකටද…”\u003c\/p\u003e\n\u003cp\u003e“නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”\u003c\/p\u003e\n\u003cp\u003e“රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරීට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":46592013402298,"sku":"rathu-wada-mal","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rathu-wada-mal.jpg?v=1791850964"},{"product_id":"iti-kutiya-vinivindimi","title":"ඉටි කුටිය විනිවිදිමි – Iti Kutiya Vinivindimi","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.\u003c\/p\u003e\n\u003cp\u003eගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eනොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592013697210,"sku":"iti-kutiya-vinivindimi","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/iti-kutiya-vinivindimi.jpg?v=1791850964"},{"product_id":"gajaga","title":"ගජගා – Gajaga","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e” උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද ”\u003c\/p\u003e\n\u003cp\u003e” ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”\u003c\/p\u003e\n\u003cp\u003e“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”\u003c\/p\u003e\n\u003cp\u003e” ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්… * ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත හයිය හින්දා… මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්… මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.’\u003c\/p\u003e\n\u003cp\u003e“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”\u003c\/p\u003e\n\u003cp\u003e“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වේ. ”\u003c\/p\u003e\n\u003cp\u003e“එහෙනං.?”\u003c\/p\u003e\n\u003cp\u003e“උඹ ඒක හිතා ගනින්. ‘\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":46592013795514,"sku":"gajaga","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/gajaga.jpg?v=1791850964"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/swarna-pusthaka-2026.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}