{"title":"ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2025","description":null,"products":[{"product_id":"nidosmi-nidahasmi","title":"නිදොස්මි නිදහස්මි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eසමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි ‘නිදොස්මි! නිදහස්මි!’\u003c\/p\u003e\n\u003cp\u003eමනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605831602362,"sku":"row18","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nidosmi-nidahasmi.jpg?v=1791850964"},{"product_id":"abasaththi","title":"අබාසාත්ති","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”\n“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”\n“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…”\n“නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”\u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.\n“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”\u003c\/p\u003e\n\u003cp\u003eකාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.\nඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද?\u003c\/p\u003e\n\u003cp\u003eමොකෙන් මොක වෙලා නවතීද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":46605831831738,"sku":"row19","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/abasaththi.jpg?v=1791850964"},{"product_id":"albertwaruda-manushyayoya","title":"ඇල්බට්වරුද මනුෂ්‍යයෝය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැ වූ ඒ ආදි මාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳවනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලිෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස කෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැදවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුවට්ටා අධිෂ්ඨා කරගත්තාය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":46605832028346,"sku":"row20","price":16.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/albertwaruda-manushyayoya.jpg?v=1791850964"},{"product_id":"agatha-anagatha","title":"අගත අනගත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුවස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළපාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.\u003c\/p\u003e\n\u003cp\u003eඅඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබඅවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහුබිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේමිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්දසියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගියබිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගතඅනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්වපිපුණේය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිටගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවදඑසේමය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832061114,"sku":"row21","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/agatha-anagatha.jpg?v=1791850987"},{"product_id":"deiyyange-etha","title":"දෙයියන්ගේ ඇතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් ‘රට-ජාතිය ගලවා ගැනීමේ’ යුග මෙහෙවර සඳහාය.\u003c\/p\u003e\n\u003cp\u003eඅළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙමින් පවතින අතරතුර, ඇහැළේපොළ අදිකාරම් යටතේ පැවති සබරගමුවේ එක් ගම්මානයකට දළ ඇතෙක් කඩා වැදුණේය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ ඒ හස්තියා පිළිබඳ කතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832192186,"sku":"row22","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/deiyyange-etha.jpg?v=1791850987"},{"product_id":"mama-ledek-mata-ledak","title":"මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමම ලෙඩෙක් මට ලෙඩක්\u003c\/p\u003e\n\u003cp\u003eආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි\u003c\/p\u003e\n\u003cp\u003eආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිඩ් ෆීල්ඩ් න්‍යාය –\u003c\/p\u003e\n\u003cp\u003eදුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –\u003c\/p\u003e\n\u003cp\u003eකලිසමේ චූ ගියාට එච්චරම ගඳ නෑ –\u003c\/p\u003e\n\u003cp\u003eඅපි මේ ඉන්නේ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –\u003c\/p\u003e\n\u003cp\u003eපැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –\u003c\/p\u003e\n\u003cp\u003eචිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –\u003c\/p\u003e\n\u003cp\u003eදේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –\u003c\/p\u003e\n\u003cp\u003eජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Aratuwa Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832356026,"sku":"row23","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mama-ledek-mata-ledak.jpg?v=1791850987"},{"product_id":"sirasa-pada-warnanawa","title":"සිරස පාද වර්ණනාව","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“…මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාරකළේ… එහෙව් එකාව මරා යක්කෙරුව… ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වෙ කෙරුවාව…”\u003c\/p\u003e\n\u003cp\u003e“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං\u003c\/p\u003e\n\u003cp\u003eමරා යක්කෙරුවාම…”\u003c\/p\u003e\n\u003cp\u003eබළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.\u003c\/p\u003e\n\u003cp\u003e“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව… එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට… ගොමම ගොම ගෑවිල යන්ට … මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු බින්දුවක් ගාණට තොපිට සාප වෙනව…”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832618170,"sku":"row24","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sirasa-pada-warnanawa.jpg?v=1791850987"},{"product_id":"sithe-ketunu-devanagara","title":"සිතේ කෙටුණු දේවනාගර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.\u003c\/p\u003e\n\u003cp\u003eපුත් සුමිත් ළදරු වියේ සිට ම “සන්ලැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eසෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය- සිතේ කෙටුණු දේවනාගර- ක්‍රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලීසිය ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Keheli Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832650938,"sku":"row25","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sithe-ketunu-devanagara.jpg?v=1791850987"},{"product_id":"wapi","title":"වාපි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eරාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":46605832880314,"sku":"row26","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wapi.jpg?v=1791850987"},{"product_id":"piyasara-samaya","title":"පියාසර සමය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eතොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eපරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඑයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605833109690,"sku":"row27","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/piyasara-samaya.jpg?v=1791850987"},{"product_id":"parikarma","title":"පරිකර්ම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජන ද සුළු චරිතයක් ලෙස වුව ද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහි ද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී, සිලෝන් හරහා විහිදෙමින්, යටත් විජිත යාන්ත්‍රණය ද අපේලෞකික තෘෂ්ණා ද ප්‍රශ්න කරන්නා වූ කෘතියකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605833142458,"sku":"row28","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/parikarma.jpg?v=1791850987"},{"product_id":"disparue","title":"දිස්පර‍යු | Disparue - තාදි සමරසිංහ අබිරහස","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.\u003c\/p\u003e\n\u003cp\u003eතත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?\u003c\/p\u003e\n\u003cp\u003eදින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":46605833306298,"sku":"disparue","price":16.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/disparue.jpg?v=1791850987"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/swarna-pusthaka-2025.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}