{"title":"ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2024","description":null,"products":[{"product_id":"may-mara-prasangaya","title":"මැයි මාර ප්‍රසංගය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඑයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි...'\u003c\/p\u003e\n\u003cp\u003e-මැයි මාර ප්‍රසංගය-\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Santhawa Prakashana","offers":[{"title":"Default Title","offer_id":50665455550650,"sku":"9786245594252","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/may-mara-prasangaya.jpg?v=1791851060"},{"product_id":"uthpaththi","title":"උත්පත්ති","description":null,"brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665455747258,"sku":"9789553128904","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/uthpaththi.jpg?v=1791851060"},{"product_id":"kalalikarayo","title":"කැළලිකාරයෝ","description":null,"brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665456369850,"sku":"9786245546497","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kalalikarayo.jpg?v=1791851060"},{"product_id":"thiwanka-kathawa","title":"තිවංක කතාව","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eනිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.\u003c\/p\u003e\n\u003cp\u003eමුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.\u003c\/p\u003e\n\u003cp\u003eතිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ\u003c\/p\u003e\n\u003cp\u003eපොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.\u003c\/p\u003e\n\u003cp\u003eඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665456697530,"sku":"9786240021395","price":16.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/thiwanka-kathawa.jpg?v=1791851060"},{"product_id":"ran-nari-kugnjaraya","title":"රන් නාරි කුඤ්ජරය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?\u003c\/p\u003e\n\u003cp\u003eඑතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.\u003c\/p\u003e\n\u003cp\u003eහෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී. ‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665457975482,"sku":"9786245579624","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ran-nari-kugnjaraya.jpg?v=1791851060"},{"product_id":"sirasalawanya","title":"සිරසාලවන්‍යා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eතව තැනක අප්‍රසන්නව විසි කොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ….\u003c\/p\u003e\n\u003cp\u003eආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.\u003c\/p\u003e\n\u003cp\u003eමතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eචිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකර ගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමා පොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන්‍යා නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665458139322,"sku":"9789553128669","price":14.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sirasalawanya.jpg?v=1791851060"},{"product_id":"cosmopolitan-jeewitha","title":"කොස්මොපොලිටන් ජීවිත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හර්දයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටක එය ලෝකයේ නන් දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක අපූර්වත්වය විදහා පාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා පාන්නකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665458761914,"sku":"9789553128959","price":14.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/cosmopolitan-jeewitha.jpg?v=1791851060"},{"product_id":"visachakayo","title":"වීසාචකයෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eවීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665458892986,"sku":"9789553128768","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/visachakayo.png?v=1791851060"},{"product_id":"kadadora","title":"කඩදොර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.\u003c\/p\u003e\n\u003cp\u003eතවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eකඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදි වූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;\u003c\/p\u003e\n\u003cp\u003eඔවුන් හා බැඳුණු පරම්පරා ගණනක අතීත උරුම, ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක, ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ ඔවුන්ගේ අසල් වැසියන් හා ආදරණීය පරිසරය ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!\u003c\/p\u003e\n\u003cp\u003eකඩදොර ඒ සියල්ලේ කතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665459613882,"sku":"9786245546503","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kadadora.jpg?v=1791851060"},{"product_id":"silver-tips","title":"සිල්වර් ටිප්ස්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග්‍රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665461579962,"sku":"9786245638888","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/silver-tips.jpg?v=1791851060"},{"product_id":"camelia","title":"කැමෙලියා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”\u003c\/p\u003e\n\u003cp\u003eඇනිටා\u003c\/p\u003e\n\u003cp\u003e“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”\u003c\/p\u003e\n\u003cp\u003eජෙෆ්රි\u003c\/p\u003e\n\u003cp\u003e“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට\u003c\/p\u003e\n\u003cp\u003eදැනේ”කැමෙලියා\u003c\/p\u003e\n\u003cp\u003eඅශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.\u003c\/p\u003e\n\u003cp\u003eකළු අශ්වයා\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665461874874,"sku":"9789553128812","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/camelia.jpg?v=1791851060"},{"product_id":"prema-soothra","title":"ප්‍රේමසූත්‍ර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්‍ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබු කලාපයකි. ඔහු හා සමග සමීප ඇසුරක් ඇරඹු දා සිට සිය හැගීම් සමග සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගීම් සමුදායකි.\u003c\/p\u003e\n\u003cp\u003eඑදා සිට ම ඔහු ඇසුරෙහි උණූසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොදුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමග සහවාස ජීවිතය පිළිබද අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඩරු පිඩක් ව දියව ගියා ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665462988986,"sku":"9786242041162","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/prema-soothra.jpg?v=1791851084"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/swarna-pusthaka-2024.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}