{"title":"ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2023","description":null,"products":[{"product_id":"kura-hadehi-viyekena","title":"කුර හඬෙකි වියැකෙන","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Surasa","offers":[{"title":"Default Title","offer_id":50665446310074,"sku":"9786242040776","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kura-hadehi-viyekena.jpg?v=1791851060"},{"product_id":"pahanaka-adura","title":"පහනක අඳුර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඅවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසනය නිමවයි.\u003c\/p\u003e\n\u003cp\u003eසමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය තුළ කියැවේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665446899898,"sku":"9786240017749","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/pahanaka-adura.jpg?v=1791851060"},{"product_id":"akala-ahasa","title":"අකාල අහස","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”\u003c\/p\u003e\n\u003cp\u003eඔසඳ\u003c\/p\u003e\n\u003cp\u003e“ගඟ සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”\u003c\/p\u003e\n\u003cp\u003eකාසිම්\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665447194810,"sku":"9786240019958","price":15.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/akala-ahasa.jpg?v=1791851060"},{"product_id":"kubala-mati-padamkala-hati","title":"කුඹලා මැටි පදම්කළ හැටි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක් ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං. මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ තමයි\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665448669370,"sku":"9786240017831","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kubala-mati-padamkala-hati.jpg?v=1791851060"},{"product_id":"karune","title":"කරුණේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ………. අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ…. අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ…. ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ…”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665449029818,"sku":"9786240017855","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/karune.jpg?v=1791851060"},{"product_id":"munnakkare-sansare","title":"මුන්නක්කරේ සංසාරේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.\u003c\/p\u003e\n\u003cp\u003eදිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.\u003c\/p\u003e\n\u003cp\u003eවෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.\u003c\/p\u003e\n\u003cp\u003eඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665449488570,"sku":"9786245546374","price":16.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/munnakkare-sansare.jpg?v=1791851060"},{"product_id":"girja","title":"ගිරිජා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eදහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665450438842,"sku":"9786245546381","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/girja.jpg?v=1791851060"},{"product_id":"book-9786245865208","title":"උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය ; බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්යවරියක විසින් කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි. සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට ලක් කළේද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික හැසිරීමට රුකුල් දුන්නී ද?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Keheli Publishers","offers":[{"title":"Default Title","offer_id":50665451913402,"sku":"9786245865208","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/usavi-giya-neruda-nohoth-kama-ghora-kaviya.jpg?v=1791851060"},{"product_id":"premakshara","title":"ප්‍රේමාක්ෂර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.\u003c\/p\u003e\n\u003cp\u003eසීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.\u003c\/p\u003e\n\u003cp\u003eවත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.\u003c\/p\u003e\n\u003cp\u003eසංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.\u003c\/p\u003e\n\u003cp\u003e“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665452404922,"sku":"9789553125675","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/premakshara.jpg?v=1791851060"},{"product_id":"duo","title":"DUO – ඩුඕ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඋමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.\u003c\/p\u003e\n\u003cp\u003eඋමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665452535994,"sku":"9789553127396","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/duo.jpg?v=1791851060"},{"product_id":"visabasara","title":"විසඹසර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Susara Publications","offers":[{"title":"Default Title","offer_id":50665453617338,"sku":"9786245941346","price":16.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/visabasara.jpg?v=1791851060"},{"product_id":"panduru-bandina-gas","title":"පඬුරු බඳින ගස්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665454960826,"sku":"9786242040578","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/panduru-bandina-gas.jpg?v=1791851060"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/swarna-pusthaka-2023.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}